මෞරිපෑන් රේසින් ලෝෆ් රෙසපි

ගෙදරදිම පාන් හදල කන තරම් රස මොහොතක් නැති තරම්. ඔබේ බේකින් වලට සැමදත් අත්වැලක් වෙන්න පාන් රෙසපි එකතුවට අපි මෙම රස, soft රේසින් ලෝෆ් එකතු කරා.

ඔබට අවශ්‍ය දේ:
පාන් පිටි                                       500g 
මෞරිපෑන් instant dry යීස්ට්    10g 
සීනි                                                50g 
ලුණු කුඩු                                       1 tsp. (තේ හැඳි)
බිත්තර                                         01
කිරි පිටි                                         20g 
ශීත කල වතුර                            235-240ml 
මාගරින් හෝ බටර්                   100g 
රේසින්ස් (මුද්‍රස්පලන්)              150g                        
කුරුඳු කුඩු                                   1/2 tsp. (තේ හැඳි)
දුඹුරු සීනි                                    125g 

සාදන ක්‍රමය:
1. පාන් පිටි, මෞරිපෑන් instant dry යීස්ට්, සීනි, ලුණු කුඩු හා කිරි පිටි යන වියලි අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න. එයට ශීත කල වතුර ක්‍රමක්‍රමයෙන් එකතු කර අනා, මොලියක් හදාගන්න.

2. පසුව මාගරින් හෝ බටර් යොදා නැවතත් අනන්න. සොෆ්ට් dough එකක් (මොලියක්) හැදෙන තුරු අනන්න. 

3. Dough එකට මුද්‍රස්පලන්, කුරුඳු කුඩු හා දුඹුරු සීනි එකතු කර නැවතත් අනන්න.

4. Dough එක රවුම් කර, කාමර උෂ්ණත්වයේ විනාඩි 20ක් rest කරන්න.

5. මෝලිය 300g dough cutter එකක් භාවිතා කර කොටස් වෙන්කර ග්‍රීස් කරන ලඳ පාන් තැටියකට දාන්න.

6. විනාඩි 50ක්-60ක් dough එක රෙස්ට් (final proof)  කරන්න.

7. සෙල්සියස් අංශක 170-180 දී pre-heat කරන ලද oven එකක, විනාඩි 20ක් බේක් කරන්න. (බේක් කරන වේලාව oven එකෙන් oven එකට හා dough එකේ ප්‍රමාණය අනූව වෙනස් වේ).

උණු තේ කෝප්පයක් සමඟ මද රස්නෙන් මෙම රේසින් ලෝෆ් එක ගෙදර අයත් එක්ක රසවිඳින්න!