Easy Coconut Cake Recipe (පොල් කේක්)

අවුරුදු මේසෙට රසවත් පොල් කේක් එකක් පහසුවෙන් සාදා ගත හැකි රෙසපියක් බෙදා හදාගන්න අපි හිතුවා. මෙහි විශේෂත්වය වන්නේ පොල් පැනි වලට අමතරව ඔබට අමුද්‍රව්‍ය 2-3කින් කේක් එක හදාගන්න හැකි වීමයි.  

ඔබට අවශ්‍ය දේ:

බටර් හෝ මාගරින්      250g 
මෞරිමික්ස් බටර් කේක් මික්ස්    500g 
බිත්තර     07
පොල් පැණි     1 බෝතලයක් 
දිසන්දි පොල් (desiccated coconut)     750g 
කුරුඳු පොතු ස්වල්පයක් 

පොල් පැණි සාදන ක්‍රමය:

*පෘෂ්ඨය ඝන තැටියක පොල් පැණි නටන තෙක් රත්කරන්න. පසුව desiccated coconut හා කුරුඳු එකතු කරන්න

සාදන ක්‍රමය:
1. 8x 8″ කේක් තැටියක් ග්‍රීස් කර හෝ තෙල් කඩදාසියක් යොදා පිළියෙළ කරගන්න.
2. මධ්‍යම වේගයෙන් විනාඩි 2-3ක් බටර්/මාගරින් බීට් කරන්න.
3. මෞරිමික්ස් බටර් කේක් මික්ස් එක එකතු කර bowl එක වටේ විටින් විට සූරා විනාඩි 1ක් බීට් කරන්න.
4. බිත්තර ක්‍රමක්‍රමයෙන් එකතු කර විනාඩි 2-3ක් ඇතුලත බීට් කරන්න.
5. කේක් බැටරයට ක්‍රමක්‍රමයෙන් පිළියෙළ කරගත් පොල් පැණි එකතු කර මිශ්‍ර කරන්න.
6. උෂ්ණත්වය සෙල්සියස් අංශක 180-190 වන pre-heated oven එකක විනාඩි 50-55 බේක් කරන්න.එකතු කර

මෞරිමික්ස් බටර් කේක් මික්සි හි පහසුව අත්විඳීමට කැමති නම් SPAR සුපිරි වෙළඳසැල් වලින් මිලදී ලබා ගත හැකි.