බේකින් පව්ඩර් පිළිබඳ ඔබ දැන ගත යුතු දේ.

ඔබේ බේකින් පව්ඩර් එකේ ක්‍රියාකාරිත්වය අඩු වෙලාද? මෙයට හේතු කිහිපයක් හඳුනගමු. 

කිසිම විටක බේකින් පව්ඩර්, වාතයේ තියෙන තෙතමනයට නිරාවරණය කරන්න එපා. එසේ වුවහොත් එය තෙතමනය සමඟ ක්‍රියාකර වායුන් පිට කරයි. මෙවැනි ක්‍රියාකරන ලඳ බේකින් පව්ඩර් ඔබේ නිෂ්පාදනයට යෙදීමෙන් කිසි ඵලක් නැත. 

සැලකිය යුතු කරුණු:

*බේකින් පව්ඩර් හොඳ ඇසුරුමක, කාමර උෂ්ණත්වයේ, තෙතමනය නැති ස්ථානයක තබන්න. තෙතමනය හේතුවෙන් බේකින් පව්ඩර් එක කැටි ගැසීමටද ඉඩ ඇත. 

*කිසි විටකත් බේකින් පව්ඩර් oven එක මත හෝ ලිප මුහුණලා ඇති කබ්ර්ඩ් එකක දැමීමෙන්ද වලකින්න. 

*බේකින් පව්ඩර් සඳහා වියලි හැන්දක් භාවිතා කරන්න.

*භාවිතයට ගත් විගස ඇසුරුම තදට වසා ඉහත කී පරිදි ගබඩා කරන්න.

*කාඩ්බෝඩ් ඇසුරුම් වල ඇති බේකින් පව්ඩර් ගැනීමෙන් වලකින්න. නැතිනම් එය වහාම ටින්, වීදුරු හෝ ප්ලාස්ටික් භාජනයක  අසුරන්න.

*.බේකින් පව්ඩර් වල කල් ඉකුත් වන දිනය මෙන්ම ඇසුරුම කඩා මුල් වරට භාවිත කල දිනයත් ඇසුරුමේ සඳහන් කරීම වැදගත් වේ. 

*ඔබ dual action බේකින් පව්ඩර් එකක් භාවිතා කරන්නේ නම් ඔබට කේක් එකට අවශ්‍ය උපරිම උස ලබා ගත හැකි වෙනවා. මන්ද dual action බේකින් පව්ඩර් එක කේක් බැටරය කාමර උෂ්ණත්වයේ තිබියදී මෙන්ම oven එකෙත් ක්‍රියා කරයි. 

Single action බේකින් පව්ඩර් ක්‍රියාකරන්නේ oven එක තුල පමණයි. 

කේක් සාදන විට පිටි ග්‍රෑම් 250කට බේකින් පව්ඩර් තේ හැඳි 2ක් එකතු කරන්න. බේකින් පව්ඩර් අඩු වැඩි වීමෙන් කේක් වල සිදුවන වෙනස්කම් පිළිබඳව අපි ඉදිර්යේදී කතා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *