ඔබට අවශ්‍ය දේ:
පාන් පිටි 500g
මෞරිපෑන් instant dry යීස්ට් 10g
සීනි 50g
ලුණු කුඩු 1 tsp. (තේ හැඳි)
බිත්තර 01
කිරි පිටි 20g
ශීත කල වතුර 235-240ml
මාගරින් හෝ බටර් 100g
රේසින්ස් (මුද්‍රස්පලන්) 150g
කුරුඳු කුඩු 1/2 tsp. (තේ හැඳි)
දුඹුරු සීනි 125g
සාදන ක්‍රමය:
1. පාන් පිටි, මෞරිපෑන් instant dry යීස්ට්, සීනි, ලුණු කුඩු හා කිරි පිටි යන වියලි අමුද්‍රව්‍ය එකට මිශ්‍ර කරගන්න. එයට ශීත කල වතුර ක්‍රමක්‍රමයෙන් එකතු කර අනා, මොලියක් හදාගන්න.
2. පසුව මාගරින් හෝ බටර් යොදා නැවතත් අනන්න. සොෆ්ට් dough එකක් (මොලියක්) හැදෙන තුරු අනන්න.
3. Dough එකට මුද්‍රස්පලන්, කුරුඳු කුඩු හා දුඹුරු සීනි එකතු කර නැවතත් අනන්න.
4. Dough එක රවුම් කර, කාමර උෂ්ණත්වයේ විනාඩි 20ක් rest කරන්න.
5. මෝලිය 300g dough cutter එකක් භාවිතා කර කොටස් වෙන්කර ග්‍රීස් කරන ලඳ පාන් තැටියකට දාන්න.
6. විනාඩි 50ක්-60ක් dough එක රෙස්ට් (final proof) කරන්න.
7. සෙල්සියස් අංශක 170-180 දී pre-heat කරන ලද oven එකක, විනාඩි 20ක් බේක් කරන්න. (බේක් කරන වේලාව oven එකෙන් oven එකට හා dough එකේ ප්‍රමාණය අනූව වෙනස් වේ).
උණු තේ කෝප්පයක් සමඟ මද රස්නෙන් මෙම රේසින් ලෝෆ් එක ගෙදර අයත් එක්ක රසවිඳින්න!