චෙල්සි බන් රෙසපි

ගෙදර හදාපු පාන්වල ඇති නැවුම් බව, රස හා එයින් ලැබෙන තෘප්තිය වෙනමම අත්දැකීමක්! මෙම චෙල්සි බන් රෙසපිය ඔබත් අත්හදා බලන්න. 

ඔබට අවශ්‍ය දේ:
තිරිඟු පිටි                            ග්‍රෑම් 500
සීනි                                       ග්‍රෑම් 50
ලුණු                                      ග්‍රෑම් 07
මෞරි high sugar යීස්ට්    ග්‍රෑම් 10
බිත්තර                                01
කිරි පිටි                                ග්‍රෑම් 20
සීතල වතුර                         ග්‍රෑම් 235 – 240
බටර්                                     ග්‍රෑම් 100
කුරුඳු කුඩු                          තේ හැඳි 1/2
මුද්දරස්පලන්                     ග්‍රෑම් 50
මෞරි ස්ට්‍රෝබෙරි ෆිලින්  ග්‍රෑම් 100

සාදන ක්‍රමය:

1. තිරිඟු පිටි, සීනි, ලුණු, මෞරි high sugar යීස්ට්, බිත්තර, කිරි පිටි එකට  මිශ්‍ර කරගන්න. ක්‍රමක්‍රමයෙන් සීතල වතුර එකතු කර  මොලියක් සෑදෙන තෙක් අනා ගන්න.

2.පසුව බටර් යොදා නැවතත් මෝලිය අන්න.

3.මෝලිය වසා විනාඩි 20ක් පමණ rest කරන්න. 

4.මෝලිය ෂීට් කර කුරුඳු කුඩු, මුද්දරස්පලන් හා මෞරි ෆෘට් ෆිලින් තවරා රෝල් කර අඟලක් වන පරිදි පෙති කපා ගන්න.

5. ප්‍රමාණය දෙගුණයක් වන තෙක් prove කර සෙල්සියස් අංශක 175-185 දී, විනාඩි 20-25ක් බේක් කරන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *