මෞරිපෑන් නාන් රෙසපි

ගෙදරදිම හදන කෑම වල රසෙහි වෙනසක් හා ලෙන්ගතුකම වැඩියි. ඔබට ලේසියෙන් උදේ හෝ රාත්‍රී ආහාර වේලකට මෙම නාන් රොටි රෙසපිය වඩාත් සුඳුසුයි. වැඩි ප්‍රතිඵල සඳහා ඔබේ මුළුතැන්ගෙයි  හිතවතා වන මෞරිපෑන් යීස්ට් සමඟ මෙම රෙසපිය අත්හදා බලන්න. 

ඔබට අවශ්‍ය දේ:
පාන් පිටි       ග්‍රෑම් 500
ලුණු               ග්‍රෑම් 10
මුදවපු කිරි    ග්‍රෑම් 50
මෞරිපෑන් අඩු සීනි යීස්ට්     ග්‍රෑම් 05
කිරි                 මි.ලි. 127
වතුර              මි.ලි. 127
මාගරින්        ග්‍රෑම් 20

සාදාගන්නා ක්‍රමය:

1.පාන් පිටි, ලුණු, මුදවපු කිරි, මෞරිපෑන් අඩු සීනි යීස්ට්, කිරි හා වතුර ක්‍රමක්‍රමයෙන් යොදා විනාඩි 3-4ක් මෘදු මෝලියක්  සෑදෙන තෙක් අනන්න.

2. පසුව මාගරින් යොදා නියමිත පදම එන තෙක් නැවතත් අනන්න.

3. තෙත රෙද්දකින් මෝලිය (dough) වසා පැය 5-6ක් කාමර උෂ්ණත්වයේ තියන්න.

4. නැවතත් dough එක හෙමින් අනන්න. 

5. දැන් dough එක පොඩි කොටස් වලට වෙන් කර රව්ම් කරන්න.

6. වෙන්කරගත් dough එක ඝන ත්‍රිකෝණාකාර හැඩයට සකසන්න. එය මතට පිටි ඩස්ට් කර වතුර සවල්පයක් ආලේප කරන්න.

7. වතුර ආලේප කල පැත්ත මද ගින්නේ රත් කල පැතලි තැටියකට දමා නාන් එක සකසා ගන්න. තැටියත් සමඟ නාන් එක ඍජුව ගිනි දැල්ලට අල්ලා රෝසිට් කරන්න. 

රසවත් curry එකක් පිළියෙළ කර පවුලත් සමඟ රසවත් කෑම වේලක් බෙදා හදා ගන්න! 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *